තෙවන වටයේ සාකච්ඡා සඳහා රුසියානු කණ්ඩායම පිටත්ව යයි

තෙවන වටයේ සාකච්ඡා සඳහා රුසියානු කණ්ඩායම පිටත්ව යයි

යුක්‍රේනය සමඟ තුන්වන වටයේ සාම සාකච්ඡා සඳහා එක්වන රුසියානු කණ්ඩායම මේ වනවිට බෙලරූස් රාජ්‍ය වෙත පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුද ගැටුම්වලට මැදිවී සිටින සිවිල් වැසියන් ආරක්ෂිත ලෙස ඉවත්කර ගැනීම පිළිබඳව මෙම සාකච්ඡා වටයේ දී ප්‍රමුඛතාවය වී තිබෙනවා.

දෙපාර්ශ්වය අතර පැවති පළමු සාකච්ඡා වටය කිසිඳු එකඟතාවයකින් තොරව අවසන් වූ අතර දෙවැනි සාකච්ඡා වටයේ දී යුද ගැටුම් පවතින් ප්‍රදේශවලින් සිවිල් වැසියන් ඉවත්කර ගැනීම සඳහා මානුෂීය කොරිඩෝවක් ප්‍රකාශයට පත් කිරීමට දෙපාර්ශ්වයම එකඟ වුණා.

Share This