තේ දළු හොරට කිරා තිදෙනෙකු මාට්ටු

තේ දළු හොරට කිරා තිදෙනෙකු මාට්ටු

ඇටම්පිටිය හා ඒ අවට සිදුකළ පරික්ෂාවකදී වංචනික කිරුම් මිනුම් උපකරණ භාවිතා කරමින් කුඩා තේ වතු හිමියන්ගේ තේ දළු මිලදී ගැනීමේ යෙදී සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් ඒකකය විසින් මෙම වැටලීම සිදුකළ බවයි වාර්තා වන්නේ.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතාගේ උපදෙස් මත සිදුකළ මෙම පරික්ෂාවට මිනුම් සේවා පරික්ෂකවරුන් හා මිනුම් ප්‍රමිති සහායකවරුන් ද එක්ව සිටි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කරන්නේ.

Share This