තේ පොහොර සහනාධාරයට රුපියල් මිලියන 12,000ක් වෙන් කෙරේ

තේ පොහොර සහනාධාරයට රුපියල් මිලියන 12,000ක් වෙන් කෙරේ

තේ වගාව සඳහා යොදනු ලබන පොහොර සහනාධාරය වශයෙන් රුපියල් මිලියන 12,000ක මුදලක් වෙන් කිරීමට පියවර ගත් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ‌තේ මණ්ඩලය හා පුද්ගලික තේ කර්මාන්තකරුවන්ගේ සහයෝගයෙන් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන චාරිත්‍රයක් වන නැවුම් තේ මංගල්‍යයට අද (24) පෙරවරුවේ කොටපොළ ‌ඓතිහාසික ගැටඹරු රජමහා විහාරයේ දී එක්වෙමින්

ආර්ථික අර්බුදය, කොවිඩ් වසංගත තත්ත්වය හා පොහොර අර්බුදය හේතුවෙන් තේ වගාව සඳහා පොහොර යෙදීම අවම වූ අතර අස්වැන්නෙහි සැළකිය යුතු අඩු වීමක් ද පසුගිය කාලය තුළ වාර්තා වී තිබූ බවයි අමාත්‍යවරයා පැවසුවේ

එමෙන්ම රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් තේ පොහොර විශේෂ 05ක් නිෂ්පාදනය කර ඇති අතර එම පොහොර වෙළෙඳපළේ අලෙවි වන මිලට වඩා සියයට 50ක පමණ අවම මිලක් යටතේ ගොවීන්ට ලබා දීමට පියවර ගෙන තිබෙනවා

ඒ අනුව වෙළෙඳපළේ රුපියල් 13,000ක් පමණ වන තේ පොහොර මිටියක් රුපියල් 5,500 සහා 7,500ට මිල දී ගැනීමට හැකියි.

Share This