තේරී පත්වූ නයිජීරියානු ජනාධිපතිවරයා ධූරයේ දිව්රුම්දීමට පෙර යුරෝපයේ සංචාරයක

තේරී පත්වූ නයිජීරියානු ජනාධිපතිවරයා ධූරයේ දිව්රුම්දීමට පෙර යුරෝපයේ සංචාරයක

නයිජීරියානු ජනාධිපති ලෙස තේරී පත් වූ Bola Tinubu යුරෝපයට පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Bola Tinubu ජනාධිපති ධූරයේ වැඩ භාරගැනීමට නියමිතව ඇත්තේ මැයි 29 වනදා බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

මාර්තු මාසයේදී ජනාධිපති ලෙස තේරී පත් වූ පසු Bola Tinubu රටින් පිටව යන දෙවන අවස්ථාව මෙය වන අතර ප්‍රංශයේ සති හතරක නිවාඩුවක් ගත කිරීමෙන් පසු අප්‍රේල් 24දා ඔහු නැවත නයිජීරියාවට පැමිණ තිබෙනවා.

සංචාරය අතරතුරදී ආයෝජකයින් සහ අනෙකුත් ප්‍රධානීන් සමග ද සාකච්ඡා පවත්වනු ඇති බවත් Bola Tinubuගේ නායකත්වය යටතේ ව්‍යාපාර කිරීමට නයිජීරියාවේ ඇති සූදානම ගැනත් ඔවුන්ට ඒත්තු ගැන්වීමට බලාපොරොත්තු වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Share This