දක්ෂිණ අධිවේගයේ කොටසක් ප්‍රතිසංස්ක‍රණය පුද්ගලික අංශයට දීම කැබිනට්ටුවේ ප්‍රශ්න කරයි (VIDEO)

දක්ෂිණ අධිවේගයේ කොටසක් ප්‍රතිසංස්ක‍රණය පුද්ගලික අංශයට දීම කැබිනට්ටුවේ ප්‍රශ්න කරයි (VIDEO)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව – දොඩංගොඩ මාර්ග කොටස පුද්ගලික සමාගමකට ලබාදීම ගැන අද කැබනට් මාධ්‍ය හමුවේ දී ප්‍රශ්න කෙරුණා.

එහි දී මාධ්‍ය විමසා සිටියේ අදාල නඩත්තු කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියට ලබානොදෙන්නේ මන්ද යන්නයි.

එහිදී පිළිතුරු දුන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතැම් ප්‍රතිසංස්කරණ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින්ම කළ නොහැකි බවත්,නියමිත ටෙන්ඩර් පරිපාටියට අනුව අදාල ප්‍රතිසංස්කරණ සදහා පුද්ගලික අංශයට ලබා දී ඇති බවත් සදහන් කළා.

කිලෝ මීටර් 0 සිට 19 දක්වාත් අධිවේගී මාර්ග කොටස සහ 19 සිට කිලෝ මීටර් 34 දක්වා වූ කොටස පැකේජ 2 ක් යටතේ කඩිනමින් අලුත් වැඩියා කි‍රීමේ අවශ්‍යතාව හදුනාගෙන තිබෙනවා.

රජය තීරණය කර ඇත්තේ කි.මී.0 සිට කි.මී.19 දක්වා හානි වූ අධිවේගී මාර්ග කොටස ලංසු කැදවා ප්‍රතිසංස් කරණයට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.

ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අදාල කොන්ත්‍රාත්තුව රු.මි.1490.96 ක මුදලකට ප්‍රධානය කර තිබෙනවා.

 

Share This