දකුණු අප්‍රිකාව,රුසියාව සහ චීනය ඒකාබද්ධ යුද අභ්‍යාසයක් අරඹයි

දකුණු අප්‍රිකාව,රුසියාව සහ චීනය ඒකාබද්ධ යුද අභ්‍යාසයක් අරඹයි

දකුණු අප්‍රිකාව, රුසියාව සහ චීනය ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ පළමු සංවත්සරයට සමගාමීව මෙම නාවික අභ්‍යාසය පවත්වනු ලබන අතර එය එක්සත් ජනපදයේ විවේචනයට ලක්ව ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව දින 10 ක නාවික අභ්‍යාසය අද (17) සිට දකුණු අප්‍රිකානු වෙරළට ඔබ්බෙන් ඉන්දියන් සාගරයේ දී පැවැත්වෙනු ඇති

දකුණු අප්‍රිකානු ජාතික ආරක්ෂක බලකාය (SANDF) පවසා තිබෙන්නේ එහි සන්නද්ධ හමුදා සාමාජිකයින් 350 දෙනෙකු සහභාගී වන බවයි.

රුසියාව විසින් Zircon hypersonic මිසයිල රැගත් Admiral Gorshkov යුද නෞකාව මේ සඳහා සහභාගීවන බව නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ .

Share This