දකුණු අප්‍රිකාවේ උපන්දින සාදයක් සමරමින් සිටි පිරිසකට වෙඩි ප්‍රහාරයක් -8ක් ඝාතනය කෙරේ

දකුණු අප්‍රිකාවේ උපන්දින සාදයක් සමරමින් සිටි පිරිසකට වෙඩි ප්‍රහාරයක් -8ක් ඝාතනය කෙරේ

උපන්දින සාදයක් සමරමින් සිටි පිරිසකට වෙඩි තැබීමේ සිදුවීමක් දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කේප් පළාතේ නගරයකින් වාර්තා වී තිබෙනවා

තුවක්කුකරුවන් විසින් අමුත්තන් 8 දෙනෙකු ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

තුවක්කුකරුවන් දෙදෙනෙක් ඊයේ (29) සවස Port Elizabeth හි පිහිටි නිවසක මිදුලට ඇතුළු වී අමුත්තන්ට අහඹු ලෙස වෙඩි තැබූ බව එරට පොලිසිය පවසා තිබෙනවා .

මියගිය අය අතර නිවසේ හිමිකරු ද වන අතර තවත් තිදෙනෙකු ද තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This