දකුණු අප්‍රිකාවේ ගංවතුරෙන් 7ක් මරුට

දකුණු අප්‍රිකාවේ ගංවතුරෙන් 7ක් මරුට

දකුණු අප්‍රිකාවේ Kwazulu-Natal පළාතේ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

පළාතේ ගිනිකොන දිග ප්‍රදේශවල බොහෝ ප්‍රදේශ සතියකට පෙර ඇති වූ තද වැසි සහ කුණාටුවලින් මෙම තත්ත්වය ඇතිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වර්තා කරන්නේ .

ඩර්බන් නගරයේ ඇළකින් 20 හැවිරිදි කාන්තාවකගේ සහ තවත් ගැහැණු ළමයෙකුගේ සිරුරු සොයා ගෙන ඇති බවද සඳහන්

පළාත් බලධාරීන්ට අනුව අවම වශයෙන් නිවාස 70 ක් විනාශ වී ඇති අතර පුද්ගලයින් 150කට වැඩි පිරිසකට නිවාස අහිමි වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This