දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට ප්‍රබල භූමිකම්පාවක්

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට ප්‍රබල භූමිකම්පාවක්

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් (Johannesburg) නගරයට ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ අද (11) අලුයම හටගත් භූමිකම්පාව රිච්ටර් මාපක 5.0 ක් ලෙස සටහන් වී ඇති බවයි.

එමෙන්ම එරට විශාලතම නගරය සහ වාණිජ කේන්ද්‍රස්ථානය වන ජොහැන්නස්බර්ග් නගරය පිහිටා ඇති Gauteng පළාත පුරා ගොඩනැගිලි සෙලවී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා

Share This