දකුණු අප්‍රිකාවේ දී පතල් කම්කරුවන් 31ක් මරුට

දකුණු අප්‍රිකාවේ දී පතල් කම්කරුවන් 31ක් මරුට

දකුණු අප්‍රිකාවේ ෆ්‍රී ස්ටේට් ප්‍රාන්තයේ භාවිතයට නොගත් පතලක දී නීතිවිරෝධී ලෙස වැඩ කළ කම්කරුවන් 31 දෙනෙකු මිය යාම පිළිබඳව තමන්ට දැනුම් දී ඇති බව එරට බලධාරීන් සඳහන් කරනවා

මොවුන් ලෙසෝතෝ ප්‍රාන්තයෙන් පැමිණි බවට සැක කෙරෙන අතර දකුණු අප්‍රිකාවේ ඛනිජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පතලක සිදු වූ මරණ පිළිබඳව ලෙසෝතෝ රජය තමන්ට දැනුම් දුන් බවයි.

ෆ්‍රී ස්ටේට් හි පිහිටි මෙම පතල අවසන් වරට ක්‍රියාත්මක වූයේ 1990 ගණන්වල බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

දකුණු අප්‍රිකාවේ ඛනිජ සම්පත් දෙපාර්තමේන්තුව පවසන්නේ පතල්කරුවන් විසින් පතලෙන් මළ සිරුරු තුනක් සොයාගෙන ඇති බවට ද ඔවුන් දැනුවත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, පරීක්ෂණ කණ්ඩායමක් යැවීමට නොහැකි තරම් එහි අවදානම් තත්ත්වයක් පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

Share This