දකුණු අප්‍රිකාවේ වෙඩි තබා අට දෙනෙක් මරා දැමූ ‘උපන්දින සාදයේ සිටි ‘ තවත් 4කට තුවාල

දකුණු අප්‍රිකාවේ වෙඩි තබා අට දෙනෙක් මරා දැමූ ‘උපන්දින සාදයේ සිටි ‘ තවත් 4කට තුවාල

දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කේප් ප්‍රාන්තයේ Gqeberha ප්‍රදේශයේ උපන්දින සාදයකදී සිදුවූ වෙඩි තැබීමකින් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

නිවසක පැවති උපන්දින සාදයකදී විනෝදවෙමින් සිටි අමුත්තන්ට නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු අහඹු ලෙස වෙඩි තබා ඇති බවයි එරට පොලිසිය සඳහන් කර තිබෙන්නේ .

කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති නමුත් විමර්ශන ක්‍රියාත්මක බවද විදෙස් මාධ්‍ය පවසනවා.

මියගිය අය සහ තුවාල ලැබූවන් කවුරුන්ද යන්න හඳුනාගෙන නොමැති නමුත් ප්‍රහාරයට ලක්වූ නිවසේ හිමිකරුද ඔවුන් අතර සිටින බවයි එරට පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This