දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුවේ ගින්න යළිත් ඇවිළෙයි(VIDEO)

දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුවේ ගින්න යළිත් ඇවිළෙයි(VIDEO)

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පාර්ලිමේන්තුව පුරා පැතිර ගිය ගින්න පාලනය කිරීමෙන් පසු පැය කිහිපයකින් යළිත් ගින්නක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගින්න ප්‍රථමයෙන් ඉරිදා ඇති වූ අතර එහිදී ජාතික සභාව සම්පූර්ණයෙන්ම විනාශ වුණා.

ගිනි නිවන භටයින් ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කරමින් සිටින විට ඊයේ(03) ගොඩනැගිල්ලේ වහලයෙන් ගිනිදැල් නැවත  නැග තිබෙනවා.

මේ අතර ගිනි තැබීම්, ගෙවල් බිඳීම් සහ සොරකම් කිරීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගොඩනැගිල්ලේ බුමුතුරුණු සහ ලී තට්ටු හේතුවෙන් ගිනිදැල් ඇතිවිය හැකි බවට බලධාරීන් මීට පෙර අනතුරු අඟවා තිබුණා.

පාර්ලිමේන්තු ප්‍රකාශක මොලෝටෝ මතාපෝ පවසා තිබෙන්නේ  සමහර ගිනි නිවන භටයන් තවදුරටත් ගිනි ගැනීම් වැළැක්වීමට උත්සාහ කරමින් රාත්‍රිය පුරා වැඩ කළ බවයි.

ගොඩනැගිල්ලේ හතරවන සහ පස්වන මහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් ගින්න නිවා දැමුවේද යන්න තවමත් පැහැදිලි වී නැහැ.

Share This