දකුණු අප්‍රිකාවේ ගංවතුරෙන් 440කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට (PHOTOS)
දකුණු අප්‍රිකාවේ නැගෙනහිර ප්‍රදේශයක KwaZulu-Natal පළාතේ ඇතිවූ ගංවතුරෙන් පසු තවමත් අතුරුදන් වූ පුද්ගලයින් 63 දෙනෙකු සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හදිසි සේවකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 440 කට වැඩි පිරිසක් මේ වනවිට මියගොස් තිබෙන බවයි පැවසෙන්නේ.
දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයට ආපදා තත්වයක්ද ප්‍රකාශයට පත් කෙරුණා.
අග්‍රාමාත්‍ය Sihle Zikalala පවසා තිබෙන්නේ ගංවතුරෙන් නිවාස 4,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි
එරට පොලිසිය සහ හමුදාව සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.