දකුණු කොරියාවේ උත්සවයකදී මියගිය 154දෙනාගේ අවසන් කටයුතු සිදුකිරීම ඇරඹේ

දකුණු කොරියාවේ උත්සවයකදී මියගිය 154දෙනාගේ අවසන් කටයුතු සිදුකිරීම ඇරඹේ

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති එළිමහන් උත්සවයකදී තෙරපිමකින් මියගිය 154දෙනාගේ අවසන් කටයුතු සිදුකිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

දකුණු කොරියානු රජය විසින් වින්දිතයින්ගේ පවුල්වලට අවමංගල්‍ය වියදම් සඳහා ඩොලර් 10,500 ලබා දෙන බව ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම දකුණු කොරියානු අග්‍රාමාත්‍ය Han Duck-so, මෙම සිදුවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවටත්, එවැනි අනතුරක් නැවත සිදු නොවන පරිදි වෙනස්කම් සිදු කරන බවටත් පොරොන්දු එරට ජනතාවට පොරොන්දු වී ඇති බවයි සඳහන් වන්නේ

සිදුවූයේ කුමක්ද යන්න විශ්ලේෂණය කිරීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් , CCTV කැමරා 52ක දර්ශන එරට පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති බවත් සාක්ෂිකරුවන් 44 දෙනෙකුගෙන් සිදුවීම පිළිබඳව ප්‍රශ්න කර ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් 154 දෙනාම මේ වන විට පොලිසිය හඳුනාගෙන තිබෙන බවද සඳහන් වනවා

 

Share This