දකුණු කොරියාවේ සංගීත ප්‍රසංගයක් මෙහෙයවූ රොබෝ

දකුණු කොරියාවේ සංගීත ප්‍රසංගයක් මෙහෙයවූ රොබෝ

දකුණු කොරියාවේ රොබෝවක් විසින් සංගීත ප්‍රසංගයක් මෙහෙයවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මෙම රොබෝ නිර්මාණය කර ඇත්තේ කොරියානු කාර්මික තාක්ෂණ ආයතනය විසින් වන අතර එය අඩි පහයි අගල් දහයක් උසැති බව සඳහන්.

සාම්ප්‍රදායික කොරියානු වාද්‍ය භාණ්ඩ වාදනය කළ කොරියානු ජාතික වාද්‍ය වෘන්දයේ සංගීතඥයින් 60කට අධික පිරිසකට මෙම රොබෝ විසින් මග පෙන්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මානුෂීය මුහුණක් සහිත රොබෝ විසින් ප්‍රථමයෙන් ප්‍රේක්ෂකයන්ට හිස නමා සජීවී සංදර්ශනය මෙහෙයවීම සඳහා දෑත් සෙලවීමට පටන් ගත් බවයි

Share This