දකුණු ගාසා තීරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙකු මරුට

දකුණු ගාසා තීරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙකු මරුට

දකුණු ගාසා තීරයේ දී එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මියගොස් තිබෙනවා.

රෝහලකට යමින් සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් රැගත් මෝටර් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී අතර එහිදී තවත් සාමාජිකයෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු සංවිධානයක් විසින් භාරගෙන නැහැ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත්තේ සක්‍රීය යුද සටන් කලාපයක් තුළ එම මෝටර් රථය ධාවනය වෙමින් තිබිය දී අදාළ ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

ඒ අනුව අදාළ ප්‍රදේශයේ එම මෝටර් රථය ධාවනය වන බවට පෙර දැනුම්දීමක් ද සිදු කර නොතිබූ බව ඊශ්‍රායල හමුදාව සඳහන් කර තිබෙනවා.

මීට අමතරව අදාළ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් විසින් හෙලා දැක ඇති අතර මේ සම්බන්ධයෙන් ඔහු විසින් ඊශ්‍රායල රජයෙන් පූර්ණ පරීක්ෂණයක් ද ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This