දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ වටමේස සාකච්ඡාව ලබන මාසයේ මෙරට දී පැවැත්වෙයි

දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ වටමේස සාකච්ඡාව ලබන මාසයේ මෙරට දී පැවැත්වෙයි

දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව (South China Sea Buddhist Shenzhen Roundtable) ලබන මාසයේ මෙරට දී පැවැත්වීමට නියමිතව තිබෙනවා

ඒ අනුව ඔක්තෝබර් මස 24,25 සහ 26 දිනයන්හි දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ

එහි සත්කාරකත්වය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය විසින් සිදු කිරීමට නියමිත අතර සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 24 වනදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතයි

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී මෙහි මූලික සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණා

“සමගියෙන් එකට ගමන් කර සේද මාවතේ ප්‍රඥාව රැස් කරන්න” (Walk Together in Harmony and Gather the Wisdom of the Silk Road) මෙවර එහි තේමාවයි

මේ සඳහා රටවල් 22ක් සහභාගී වනවා

Share This