දකුණු චීන මුහුදේ සවිකර තිබූ පාවෙන බාධක ඉවත් කරයි (VIDEO)

දකුණු චීන මුහුදේ සවිකර තිබූ පාවෙන බාධක ඉවත් කරයි (VIDEO)

දකුණු චීන මුහුදේ ප්‍රදේශයක තම ධීවර යාත්‍රා ඇතුළුවීම වැළැක්වීම සඳහා චීනය විසින් සවිකර තිබූ පාවෙන බාධකයක් ඉවත් කළ බව පිලිපීනය සඳහන් කරනවා

පිලිපීන වෙරළාරක්ෂක බලකාය පැවසුවේ, ජනාධිපති Ferdinand Marcos විසින් ඒ සඳහා උපදෙස් ලබා දී ඇති බවයි.

මෙම බාධකය නාවික ගමනාගමනයට අනතුරක් බවත් එය ජාත්‍යන්තර නීතිය පැහැදිලිවම උල්ලංඝණය කිරීමක් බවත් පිලිපීන වෙරළාරක්ෂක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා

එය පිලිපීන ධීවරයින්ගේ ධීවර හා ජීවනෝපාය ක්‍රියාකාරකම්වල හැසිරීමට ද බාධාවක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්

වෙරළාරක්ෂක කොමදෝරු ජේ ටරියෙලා පැවසුවේ පසුගිය සිකුරාදා මුර සංචාරයක් අතරතුරදී මෙම බාධකය සොයාගත් බවයි.

Share This