දකුණු ජර්මනියේ ගංවතුර අවදානම තවදුරටත් – පස්දෙනෙකු මරුට

දකුණු ජර්මනියේ ගංවතුර අවදානම තවදුරටත් – පස්දෙනෙකු මරුට

දකුණු ජර්මනියේ ප්‍රදේශ කිහිපයක පවතින ගංවතුර ජල මට්ටම අඛණ්ඩව ඉහළ යමින් පවතිනවා.

ඩැනියුබ් ගංගාව පිටාර ගැලීම නිසා ඇතිවූ ගංවතුර තත්ත්වය මේ වනවිට ඔස්ට්‍රියාව සහ හංගේරියාව දක්වා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Bavaria සහ Baden-Württemberg හි අධික වර්ෂාව හේතුවෙන් පස් දෙනෙකු මියගොස් ඇති බවද සදහන්.

මියගිය අයගෙන් එක් කාන්තාවක් මියුනිච් නගරයට බටහිර දෙසින් තම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ගැනීමට නොහැකිව මියගොස් තිබෙනවා.

එමෙන්ම රාජකාරියේ නිරත වී සිටි බැවේරියානු ගලවාගැනීමේ නිලධාරියෙක්ද අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.

ජර්මනියේ කාලගුණ සේවය පසුගියදා දින ගණනාවක් පුරා දකුණු ජර්මනියට බලපෑ ධාරානිපාත වර්ෂාව අවසන් බව ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් ගංගා තුනක් මුණගැසෙන පාස්සු නගරය ජලයෙන් යටවී ඇති අතර ජල මට්ටම මේ වන විට මීටර් 10ට ආසන්නව ඉහළ ගොස් තිබෙනවා.

ඔස්ට්‍රියාවේ සහ හංගේරියාවේ ද ඩැනියුබ් ගංගාවේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This