
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වේ
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ මහතා අද (16) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රෝගී තත්ත්වයක් හේතුවන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මිය යන විට ඒ මහතා 62 හැවිරිදි වියේ පසුවූ අතර ඒ මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ලෙසද කලක් කටයුතු කර තිබෙනවා.
බන්දුල හරිස්චන්ද්‍ර මහතා රාජ්‍ය දෙපාර්තමේන්තු කිහිපයක ප්‍රධානියෙකු, දිස්ත්‍රික් ලේකම්වරයෙකු මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.
