
දකුණු පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය නිලධාරීන්ට වැඩමුළුවක්
ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ විශේෂ පුහුණු වැඩමුළු මාලාවේ දකුණු පළාත් වැඩමුළුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පැවැත් වුණා.
ජනාධිපති අරමුදලින් මහජනතාවට වෛද්‍යාධාර ලබාදීමේ සේවාවෙහි අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වීමත් සමඟ ජනාධිපති අරමුදලේ සෙසු සේවාද විමධ්‍යගත කිරීමට ජනාධිපති අරමුදල පියවර ගෙන තිබේ.
ඒ අනුව, මේ පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරු සහ ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරන විෂය නිලධාරින් වෙනුවෙන් සිදුකරන විශේෂ පුහුණු වැඩමුළු මාලාවක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන අතර එය පසුගිය දා උතුරු පළාතෙන් ආරම්භ කෙරිණි.
එහි තුන් වන අදියර ලෙස දකුණු පළාත් වැඩසටහන අද මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති අරමුදලේ කාර්යභාරය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා විසින් මෙහිදී පැමිණි සිටි පිරිස දැනුවත් කළා.
පරිගණක පද්ධතියේ ආරක්ෂාව සහ භාවිතය පිළිබඳව මෙන්ම වෛද්‍යාධාර අයදුම්පතක් භාර ගැනීමේ සිට අනුමැතිය දක්වා සිදු වන ක්‍රියාවලිය සහ අනුමත වීමෙන් පසු වෛද්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය පිළිබඳවද ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙහිදී පැහැදිලි කළා.
එමෙන්ම, විෂය නිලධාරින් මුහුණ දෙන ගැටලු සහ ඒවාට ලබා දිය හැකි පිළියම්ද සාකච්ඡා කෙරුණු අතර සහභාගීත්වය වෙනුවෙන් විෂය භාර නිලධාරින් වෙත සහතික පත් ප්රදානය කිරීමද සිදු කෙරුණා.
දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන සහන දීමනාව, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ අය ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබා දෙන සහනාධාර ඇතුළු සේවාවන් රැසක් මේ වන විට ජනාධිපති අරමුදලින් සැපයෙනවා.
වසර 47ක කාලයක් කොළඹට සීමා වී පැවති ජනාධිපති අරමුදලේ සියලු සේවා ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් අයදුම් කිරීමට මෙම නව වැඩසටහන යටතේ ප්රතිලාභ අවැසි ජනතාවට අවස්ථාව උදා වනු ඇති.
ජනාධිපතිවරයා ප්රමුඛ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය ගන්නා ලද තීරණයක ප්‍රතිඵලයක් ලෙස ජනතාවට මෙම පහසුකම හිමි වන අතර වැඩි පිරිසකට ප්රතිලාභ ලබාදීම මෙන්ම කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙමගින් අපේක්ෂා කෙරෙනවා.
එමෙන්ම, ජනාධිපති අරමුදල අවභාවිත වීමට ඇති ඉඩකඩද මෙමගින් සීමා වන බවයි ජනාධිපති ලේකම් කාර් යාලය පවසන්නේ.