දකුණු බ්‍රසීලයට බලපෑ සුළි කුණාටුවකින් 21ක් මරුට (VIDEO)

දකුණු බ්‍රසීලයට බලපෑ සුළි කුණාටුවකින් 21ක් මරුට (VIDEO)

දකුණු බ්‍රසීලයේ සුළි කුණාටුවක් නිසා ඇති වූ ධාරානිපාත වර්ෂාව සහ සුළං හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම ගංවතුර තත්ත්වයක් අපේක්ෂා කෙරෙන බවද සඳහන් වනවා

රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පැවසුවේ එය ප්‍රාන්තයේ මෙතෙක් සිදු වූ දරුණුතම කාලගුණ ව්‍යසනය මෙය බවයි.

දහස් ගණනක් වූ ජනතාවට තම නිවෙස්වලින් ඉවත්වීමට දැනුම් දී ඇති බවද සඳහන්

මිනිසුන් 5,000 ක් පමණ ජීවත්වන නගරයක් වන Mucum හි, නගරයේ 85% ක් ගංවතුරෙන් යටවී ඇති අතර ඔවුන්ව බේරා ගෙන ඇත්තේ හෙලිකොප්ටර් යොදා ගනිමින් බවයි පැවසෙන්නේ

ජනාධිපති Luiz Inácio Lula da Silva පැවසුවේ රජය මේ සඳහා උදව් කිරීමට සූදානම් බවයි.

පැය 24කට අඩු කාලයකදී ප්‍රාන්තයට මිලිමීටර් 300 ට වැඩි වර්ෂාපතනයක් පතිත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

;

Share This