දකුණු සෝමාලියාවේ මෝටාර් උණ්ඩයක් පිපිරීමෙන් ළමුන් ඇතුළු 27ක් මරුට

දකුණු සෝමාලියාවේ මෝටාර් උණ්ඩයක් පිපිරීමෙන් ළමුන් ඇතුළු 27ක් මරුට

දකුණු සෝමාලියාවේ Qoryoley නගර ආසන්නයේ සිදුවූ මෝටාර් උණ්ඩ පිපිරීමකින් ළමුන් ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තිබෙනවා.

එරට සටන්කාමීන් විසින් අත්හැර දමා ගිය බවට සැකකෙරෙන මෝටාර් උණ්ඩයක් මෙලෙස පිපිරීමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම මෝටර් උණ්ඩය ළමුන් පිරිසක් ක්‍රීඩා කිරීම සඳහා යොදාගෙන ඇති අතර එම අවස්ථාවේ දී එය පිපිරීමකට ලක්ව තිබෙනවා.

මියගිය පිරිස අතර වැඩි වශයෙන් ළමුන් වන බව සඳහන්.

එමෙන්ම අදාළ පිපිරීමෙන් තවත් පුද්ගලයින් 53 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Share This