
දඹුල්ල මත්ද්‍රව්‍ය හබ් එකක් – මාතලේ ජ්‍යාෂ්ඨ පොලිස් අධිකාරි පවසයි
පසුගිය කාලයේ පැවැති යුද්ධයට වඩා දරුණු අපරාධයක් රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිදුකරගෙන යන බවත් ඒවා මැඩ පැවැත්වීම සඳහා පොලිසියේ මැදිහත්වීම මිට වඩා සක්‍රීයව අවශ්‍ය වන කාලය එළඹ ඇතැයි මාතලේ ජ්‍යාෂ්ඨ පොලිස් අධිකාරි එම් .එස් .කේ . වික්‍රමනායක මහතා පවසනවා.
දඹුල්ල, සීගිරිය ,ගලේවෙල, මකුලුගස්වැව, යන පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් නිලධාරින් අමතා ඊයේ(24) ඒ මහතා මේ අදහස් පළ කළා.
මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව දඹුල්ල දේශය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බෙදා හැරීමේ තිප්පලක් බවට පත්ව තිබෙන බවත් ඒ අනුව උතුරු මැද පළාත ඇතුළු පළාත් කිහිපයකටම මත්ද්‍රව්‍ය බෙදා හැරීම දඹුල්ලෙන් සිදුවන බවට තොරතුරු ඇතැයි ද මාතලේ ජ්‍යාෂ්ඨ පොලිස් අධිකාරිවරයා සදහන් කළා.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම වීදේශ රටක සිටින පුද්ගලයෙකු විසින් මෙය මෙහෙයවන බවට පොලිසිය අනාවරණය කරගෙන ඇතැයි ද ජ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසුවා.
මාතලේ දීස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, සීගිරිය, මකුළුගස් වැව, යන පොලිස් ස්ථාන වල සමාජය වෙනුවෙන් කැපකිරීම් කරමින් සේවය කළ පොලිස් නිලධාරින් ඇගයීම හා මුදල් ලබාදීමේ වැඩසටහනක් ෛඊයේ දඹුල්ල මූලස්ථාන පොලිසියේ දී සිදුකෙරුණා.
ජ්‍යාෂ්ඨ පොලිස් අධිකාරිවරයකුට ලැබී ඇති බලතල අනුව දක්ෂතා පෙන් වූ පොලිස් නිලධාරීන් ඇගයීමට ලක් කිරීම ත්‍යාග ලෙස නිලධාරියකුට රු. ලක්ෂයක මුදලක් බැගින් ප්රදානය කළා.
