දරුවන් ආපසු ලබා ගැනීමට උදව් කරන ලෙස යුක්‍රේනය රුසියානු ජනතාවගෙන් ඉල්ලා සිටියි

දරුවන් ආපසු ලබා ගැනීමට උදව් කරන ලෙස යුක්‍රේනය රුසියානු ජනතාවගෙන් ඉල්ලා සිටියි

ළමයින් බලහත්කාරයෙන් රුසියාවට පිටුවහල් කිරීමට විරුද්ධ වන ලෙසටත් ඔවුන් යළිත් යුක්‍රේනයට ගෙන ඒමට උදව් කරන ලෙසටත් යුක්‍රේන බලධාරීන් රුසියානුවන්ගෙන් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා

යුද්ධය අතරතුර යුක්‍රේනියානු දරුවන් රුසියාවට හෝ රුසියාව විසින් අත්පත් කරගත් ප්‍රදේශවලට සමූහ වශයෙන් පිටුවහල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණය රුසියාවේ ළමා අයිතිවාසිකම් කොමසාරිස් Maria Lvova-Belova සහ ජනාධිපති Vladimir Putin අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇති බවද සඳහන්

දරුවන් බේරා ගැනීම සඳහා යුක්‍රේනයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ජනාධිපති කොමසාරිස් සහ යුක්‍රේනයේ පොලිස් ළමා ආරක්ෂක කණ්ඩායම සමග එක්ව “If You Know, Tell” ව්‍යාපාරය දියත් කළ බවද නිවේදනයක දැක්වෙනවා

මෙම ව්‍යාපාරය යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky විසින් අනුමත කරන ලද “Bring Kids Back UA” සැලැස්මේ කොටසක් බවද සඳහන්

පසුගිය වසරේ සිදුවූ ආක්‍රමණයෙන් පසු බලහත්කාරයෙන් තම පවුල්වලින් ඉවත් කර රුසියාවට හෝ රුසියාව විසින් අල්ලාගෙන සිටි ප්‍රදේශවලට ප්‍රවාහනය කරන ලද ඇස්තමේන්තුගත යුක්‍රේන දරුවන් 20,000ක් පමණ ආපසු ගෙන්වා ගැනීමට සංවිධායකයෝ බලාපොරොත්තු වන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This