දරුවන් හයකගේ බර දරන ‘ දුප්පත් කම්කරුවෙක්ට ‘ මග වැටුණු මුදල් පසුම්බියක් දැක ඇතිවූ සිතිවිල්ල(PHOTOS)

දරුවන් හයකගේ බර දරන ‘ දුප්පත් කම්කරුවෙක්ට ‘ මග වැටුණු මුදල් පසුම්බියක් දැක ඇතිවූ සිතිවිල්ල(PHOTOS)

හැටන් දික්ඔය නගර සභාවේ කම්කරුවෙකු හැටන් නගරයේ අතුරු මාර්ගයක් පිරිසිදු කරමින් සිටියදී හමුවූ රුපියල් පනස් දෙදහසක මුදල් සහිත පාර්සලයක් ආපසු හිමිකාරිනියට බාර දීමේ පුවතක් වාර්තා වනවා.

හැටන් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි ආර්.ජේ.සෙල්වම් නැමති සයදරු පියෙක් වන මෙම නගර සභා සේවකයාට , සැම කෙනෙකුම ආර්ථික අපහසුතා මැද ජීවත්වන නිසා මෙම පාර්සලය නියම අයිතිකරු ට ලබා දිය යුතුය යන සිතිවිල්ල ඇතිව තිබෙනවා.

ඒ අනුව ඔහු හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා වෙත මුදල් පාර්සලය ලබාදී සඳහන් කර ඇත්තේ නියම අයිතිකරු සොයා එය ලබාදෙන ලෙසයි.

හැටන් ආරියපුර ප්‍රදේශයේ පදිංචි දෙදරු මවකගේ මුදල් පාර්සලයක් මෙලෙස බිම වැටී තිබී ඇති අතර පසුව ඇයට එය ලබාදුන් බවයි liveat8.lk වාර්තාකරු සඳහන් කළේ.

මෙම නගර සභා සේවක මහතා ආර්ථික වශයෙන් ඉතා අසරණව සිටින පුද්ගලයෙකු වුවත් යහපත් සිතිවිලි ඇති අයෙකු බවයි නගර සභා සේවකයන් සඳහන් කළේ.

 

 

Share This