දරුවන්ගේ මළ සිරුරු ‘මල්ලක දමා පළා ගිය’ නවසීලන්ත කාන්තාව

දරුවන්ගේ මළ සිරුරු ‘මල්ලක දමා පළා ගිය’ නවසීලන්ත කාන්තාව

තම දරුවන් දෙදෙනා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව දකුණු කොරියානු පොලිසිය පවසනවා

මෙම දරුවන්ගේ සිරුරු පසුගිය මාසයේ ගමන් මලු තුළ තිබී සොයා ගත් අතර කොරියානු පොලිසිය සඳහන් කරන්නේ මියගිය දරුවන් අවුරුදු 7 සහ 10 යන වයස්වල පසුවන්නන් බවයි.

එම කාන්තාව දකුණු කොරියාවෙන් පිටුවහල් කිරීමට නවසීලන්තය ඉල්ලීම් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ළමයින් දෙදෙනා ඝාතනය කිරීමෙන් පසු මෙම කාන්තාව දකුණු කොරියාවට පළා ගොස් ඇති බව දකුණු කොරියානු පොලිසිය පවසා තිබෙනවා.

ඇය කොරියානු සම්භවයක් ඇති 42 හැවිරිදි නවසීලන්ත ජාතික කාන්තාවක් බවද විදෙස් මාධ්‍ය පවසනවා

මිනීමැරුම් චෝදනාවලට ලක්ව සිටින සැකකාරිය නවසීලන්තයට පිටුවහල් කිරීමට පෙර ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන ලෙසද පොලිසිය ඉල්ලා තිබෙන බව සඳහන්.

දරුවන්ගේ ඥාතීන් තවමත් නවසීලන්තයේ ජීවත් වන බවද විදෙස් මාධ්‍ය පවසනවා

වෙන්දේසියකදී වෙනත් පවුලක් විසින් සූට්කේස් තොගයක් මිලදී ගැනීමෙන් පසු අගෝස්තු මස මුලදී මෙම දරුවන්ගේ සිරුරු සොයා ගැනුණ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This