දරුවන්ට කොවිඩ් ආසාදිත වීම අවම කර ගත හැකි ක්‍රමය

දරුවන්ට කොවිඩ් ආසාදිත වීම අවම කර ගත හැකි ක්‍රමය

වයස අවුරුදු 20ත් 30ත් අතර ජනගහනය කොවිඩ් මර්දන පූර්ණ එන්නත්කරණයට ලක් කළ විට දරුවන්ට ආසාදිත වීම ශීඝ්‍රයෙන් අවම විය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

ඒ අනුව මෙම වයස් කාණ්ඩයට අයත් මව්පියවරුන් බොහෝ සංඛ්‍යාවක් සිටින බවත් මෙම මව්වරුන් පූර්ණ එන්නත්කරණයට ලක් කළ පසුව දරුවන්ට බෝවීම අවම වනු ඇති බවත් ඒ මහතා පවසා සිටිනවා

මෙතෙක් කාලයක් මෙම කාණ්ඩයට අයත් මව්පියවරුන් එන්නත්කරණයට ලක් නොකිරීම නිසා ඔවුන්ගෙන් දරුවන්ට වෛරසය ආසාදනය වූ බවට තොරතුරු වාර්තා වන්නේ යැයි ද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරනවා

පසුගිය සතියට සාපේක්ෂව කොවිඩ් ආසාදිත දරුවන්ගේ වාර්තා වීම අඩු වී ඇති බව ද ඒ මහතා පවසනවා

වයස අවුරුදු 20ත් 30ත් අතර මව්පියවරුන් කොවිඩ් මර්දන එන්නත ගැනීමට පසුබට නොවිය යුතු බවත්, හැකි ඉක්මණින් තමන්ගේ ප්‍රදේශයේ දී කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක් විය යුතු බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා

Share This