දළදා වහන්සේගේ බවට නිරූපණය වන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වීම ගැන විමර්ශන

දළදා වහන්සේගේ බවට නිරූපණය වන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වීම ගැන විමර්ශන

දළදා වහන්සේගේ බවට නිරූපණය වන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

“සිරි දළදා වන්දනාව” සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් ලබාගන්නා ලද ඡායාරූපයක් වැවට නිරූපණය වන ඡායාරූපයක් මේ දිනවල සංසරණය වෙමින් පවතින බවයි පොලිසිය පැවසුවේ.

මෙම දළදා වන්දනාව සඳහා සහභාගී වන බැතිමතුන්ට තම ජංගම දුරකථන ක්‍රියාකාරී තත්ත්වයෙන් තබා ගැනීමට හෝ දළදා වහන්සේගේ ඡායාරූප ලබා ගැනීමට කිසිඳු අවසරයක ලබාදී නැහැ.

එවැනි තත්ත්වයක් තුළ මෙම සංසරණය වන ඡායාරූපය දළදා වන්දනාව පැවැත්වෙන කාලසීමාවේදී ලබා ගන්නා ලද ඡායාරූපයක් ද නැතහොත් සංස්කරණය කරන ලද ඡායාරූපයක් ද යන්න අනාවරණය කර ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Share This