දැඩි කොවිඩ් පාලන නීතිරීති නිසා චීනය නොසන්සුන්

දැඩි කොවිඩ් පාලන නීතිරීති නිසා චීනය නොසන්සුන්

දැඩි කොවිඩ් පාලන නීතිරීති සම්බන්ධයෙන් චීන ජනතාව දැඩි නොසන්සුන්තාවයකට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා,

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මේ වන විට ෂැන්හැයි වැනි නගරවල ජනතාව දැඩි කොවිඩ් සීමා කිරීම්වලට එරෙහිව විරෝධතා පවා පවත්වන බවයි.

තමන්ට නිදහස අවශ්‍ය බවත් සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට අයිතියක් ඇති බවත් පවසමින් ජනතාව විරෝධය පළකරන විඩීයෝ එරට සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

දැඩි ලෙස කොවිඩ් පාලන ප්‍රතිපත්තියක් අනුගමනය කරන චීනය තවමත් නගර වසා දැමීම්, සංචරණ සීමා පැනවීම් මෙන්ම විශාල වශයෙන් පරීක්ෂණ කිරීම් සිදුකරනවා.

කෙසේවෙතත් එරට තුළ පැතිරයන කොවිඩ් සිව්වන රැල්ල පාලනය කිරීමට මෙම ක්‍රියාමාර්ග අසමත් වී ඇති බවත් අලුතින් රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවත් එරට වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

Share This