දැඩි සටන් මැද යුක්රේන ජනපති ගත් තීරණය

දැඩි සටන් මැද යුක්රේන ජනපති ගත් තීරණය

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී (Volodymyr Zelensky) සටන් පවතින නගරයක් වන බක්මුට් (Bakhmut) නගරය වෙත ගොස් තිබෙනවා.

රුසියාව මාස ගණනාවක් පුරා මෙම නගරය අත්පත් කර ගැනීමට සටන් වදින අතර මේ හේතුවෙන් බක්මුට් නගරය යුද්ධයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එරට ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ යුක්රේන ජනාධිපතිවරයා බක්මුට්හි තම හමුදාවේ ඉදිරිපෙළ ස්ථානවල සිටි සෙබළුන් සමග කතා කළ බවයි

එහිදී යුක්රේනය ආරක්ෂා කිරීමට ඔවුන් දැරූ උත්සාහයට ජනාධිපතිවරයා විසින් ස්තූතිය පුද කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

කෙසේ වෙතත් යුධ තත්ත්වයන් හමුමේ මෙම නගරය දැඩි ලෙස විනාශ වී ඇති බව සඳහන්

Share This