දැඩි සුළං හා වැසි හේතුවෙන් 4,335 ක් අවතැන් – දෙදෙනෙක් මරුට(VIDEO)

දැඩි සුළං හා වැසි හේතුවෙන් 4,335 ක් අවතැන් – දෙදෙනෙක් මරුට(VIDEO)

ඇති වූ වායු දුෂණ තත්ත්වය ක‍්‍රමයෙන් පහව යමින් ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශ අධ්‍යක්‍ෂ සරත් ප්‍රේමසිරි  මහතා පවසනවා.

මේ අතර, මෙම කුණාටුවේ බලපෑමත් සමඟ වූ දැඩි සුළං හා වැසි සහිත කාලගුණය හේතුවෙන් පවුල් 1305 කට අයත් පුද්ගලයින් 4,335 දෙනෙකු අවතැන්ව සිටින අතර, මරණ දෙකක් ද වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑමත් සමඟ ඉන්දියාවේ දිල්ලි නගරය ආශ‍්‍රීත දූවිලි අංශු පැතිරීමේ බලපෑම හේතුවෙන් මෙරට වායු ගෝලයේ ක්‍ෂණික වෙනස්විම් දක්නට ලැබුණා.

ඒ අනුව දශකයකට පමණ පසු මෙරට වායු ගෝලයේ වැඩිම දූවිලි අංශු ප‍්‍රමාණය ඊයේ වාර්තා වී තිබෙනවා.

මෙම තත්ත්වය අද වන විට ක‍්‍රමිකව පහව යමින් පැවතියත් ඉන් දිස්ත‍්‍රික්ක 07 කට බලපෑම් එල්ල වුණා.

එම තත්ත්වය පහව ගියද කාලගුණයේ සිදුවන වෙනස්වීම් සමඟ වායුගෝලයේ දුෂණ තත්ත්වයද වෙනස් වීමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පරිසර අංශ අධ්‍යක්‍ෂ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවා.

Share This