දැරියක් උඳුන දැල්වීමට ‘සුදානම් වන විට’ පිපිරීමක් සහ ගින්නක්

දැරියක් උඳුන දැල්වීමට ‘සුදානම් වන විට’ පිපිරීමක් සහ ගින්නක්

හැටන් දිඹුල පතන පොලිස් වසමට අයත් පොඩ්ලි වතු යායේ නිවසක මුළුතැන්ගෙයක ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු නලය සහ රෙගියුලේටරය පුපුරාගොස් තිබෙනවා.

ඊයේ (30) පස්වරු 5 ට පමණ මෙම පිපිරිම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

නිවසේ සිටි දැරියක් උඳුන දැල්වීමට සුදානම් වූ අවස්ථාවේ එකවරම ගෑස් නලය සහ රෙගියුලේටරය පුපුරා ගොස් ඇති අතර ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව අප වාර්තාකරු සඳහන් කළා.

ගින්නෙන් නිවසේ මුළුතැන්ගෙහි තිබු උපකරණ කිහිපයකට හානි සිදුව තිබෙනවා.

මීට සති දෙකකට පමණ පෙර සිලින්ඩරය කොටගල ප්‍රදේශයෙන් මිල දී ගත් බව නිවසේ හිමිකරු සඳහන් කළා.

Share This