
දිගන – අලුත්වත්ත කසල අංගනයට ජනතා විරෝධයක්
කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන දිගන අලුත්වත්ත කසල අංගනය හේතුවෙන් බරපතළ ගැටලු රැසක් උද්ගතව පවතින බව පවසමින් ප්‍රදේශවාසීන් ඊයේ විරෝධතාවක නිරත වුණා.
ඔවුන් පවසන්නේ ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් මෙන්ම මැසි මදුරු උවදුර හා අවට ප්‍රදේශවාසීන්ට විවිධ රෝගාබාධ වැළඳීමේ ප්‍රවනතාවක් ඇති බවයි.
චර්ම රෝග, ඔක්කාරය, පෙනහලු ආසාදන, හිසරදය ඇතුළු රෝගාබාධ රැසක් ඇතිවී තිබෙන බව ප්‍රදේශවාසින් පෙන්වා දෙනවා.
ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ විශාල පරිසර දූෂණයක් මේ හේතුවෙන් සිදුවන බවයි.
මෙම විරෝධතාවට එක් වූ මහජන කවුන්සිල ව්‍යාපාරයේ නීතිඥ නුවන් බෝපගේ මහතා සඳහන් කළේ මෙම කුණු කන්ද හේතුවෙන් දිගන, අලුත්වත්ත, රජවැල්ල, අඹ කොටේ ඇතුළු ගම්මාන රැසක පවුල් 5000 ක් පමණ පීඩාවට පත්ව ඇති බවයි.
මෙම කසල අංගනය වහා මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත යුතු බව ඔහු පැවසුවා.
මෙම කසළ අංගනයෙන් බැහැරවන අපද්‍රව්‍ය විශාල වශයෙන් වික්ටෝරියා ජලාශයට එක්වන බවද මෙම ජලාශයේ ජලය භාවිතයට ගන්නා ජනතාව මේ හේතුවෙන් දැඩි රෝග තත්ත්වයට පත්ව ඇති බවද නුවන් බෝපගේ මහතා පෙන්වා දෙනවා.
