
“දිට්වා” බෞද්ධ විහාරස්ථාන 379 කට අලාභ හානි කරලා (VIDEO)
දැනට ලැබී ඇති දත්ත අනුව දිවයිනේ බෞද්ධ විහාරස්ථාන 379 ක් පමණ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසනවා.
බුද්ධ ශාසන සභාව රැස් වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසූ අතර ඔහු වැඩි දුරටත් සඳහන් කලේ පූර්ණ හානී, අර්ධ හානී වූ විහාරස්ථාන හඳුනාගෙන ඒවා කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගන්නා බවයි.
දිට්වා සුළිකුණාටුවෙන් දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයෙන් පූර්ණ වශයෙන් සහ අර්ධ වශයෙන් හානී වූ බෞද්ධ විහාරස්ථාන පිළිබඳ සාකච්ඡා කිරීමට බුද්ධ ශාසන සභාව ඊයේ (09) රැස්වුණා.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
