
දිට්වා රටේ සියයට 20 කට බලපා ඇතැයි එ.ජා. ගේ සංවර්ධන වැඩසටහන කියයි
දිට්වා සුළි කුණාටුව සමග බලපෑ ගංවතුර දිවයිනේ සියයට 20 කට බලපා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසනවා.
භූගෝලීය විශ්ලේෂණයක් කරමින් එම වැඩසටහන පෙන්වා දෙන්නේ, මෙය පසුගිය කාලය තුල ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම කාලගුණ තත්ත්වය බවයි.
දිට්වා සුළිකුණාටුව සමඟ දිවයිනට බලපෑ ආපදා තත්ත්වය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන භූගෝලීය විශ්ලේෂණයක් සිදුකර තිබෙනවා.
එම විශ්ලේෂණයට අනුව දිට්වා සුළි කුණාටුව සමග බලපෑ ගංවතුර තත්ත්වය දිවයිනේ හෙක්ටයාර් මිලියන 1.1 ක භූමි ප්‍රමාණයකට බලපා ඇති අතර එය මෙරට භූමි ප්‍රමාණයෙන් සියයට 20 ක්.
මේ අතර දිට්වා සුලිකුණාටුවත් සමග ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් පසුගියදා ඉපැරණි ඇළහැර අමුණේ ගල්බැම්ම බිඳී ගිය අතර මේ හේතුවෙන් ඇළහැර ව්‍යාපාරය ඇතුළු කවුඩුල්ල මින්නේරිය සහ ගිරිතලේ ඇතුළු ජලාශ රැසකට ජල සැපයුම නැවතී තිබුණා.
ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව ගොවි සංවිධාන සමඟ එක්ව වැලි කොට්ට යොදමින් ගල් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
