දින 40ක් ගතවී ඇතත් හිජාබ් නීති කඩ කළ කාන්තාවගේ මරණය හේතුවෙන් ඉරානයේ තවදුරටත් විරෝධතා (VIDEO)

දින 40ක් ගතවී ඇතත් හිජාබ් නීති කඩ කළ කාන්තාවගේ මරණය හේතුවෙන් ඉරානයේ තවදුරටත් විරෝධතා (VIDEO)

හිජාබ් නීති කඩ කළ බවට චෝදනා කරමින් රඳවාගෙන සිටි මහ්සා අමිනී නැමැති කාන්තාවක් මියයාමත් සමග ඉරානයේ පැවති විරෝධතා තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඇයගේ උපන් නගරය වන Saqqez හිදී ද විරෝධතාකරුවන්ට එරට පොලිසිය විසින් වෙඩි තබා ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

පසුගිය සැප්තැම්බර් 16 වැනිදා 22 හැවිරිදි Mahsa Amini මිය යාමෙන් පසු ඉරානය පුරා විරෝධතා පැතිර ගියා

කුර්දි ජාතික කාන්තාවක් වන Mahsa Amini ගේ මරණයෙන් දින 40ක් ගතවීමෙන් පසු ඇගේ සොහොන අසල දහස් ගණනක් රැස්ව සිටි අතර, එහිදී ආරක්ෂක අංශ සහ ජනතාව අතර ගැටුම් ඇතිව තිබෙනවා

Saqqez සහ Kurdistan පළාතේ අනෙකුත් ප්‍රදේශවල ආරක්ෂක හමුදා යොදවා ඇති අතර Mahsa Aminiගේ මරණය වෙනුවෙන් ශෝකවන්නන් පළාත් රජයේ කාර්යාලය දෙසට ගමන් කරන විට ආරක්ෂක හමුදා Zindan චතුරශ්‍රයේදී මිනිසුන්ට වෙඩි තබා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

තම හිස් වැසුම් ගුවනේ ලෙලවමින්, ගිනි තැබීමෙන්, ප්‍රසිද්ධියේ කොණ්ඩය කැපීමෙන් පවා කාන්තාවන් මෙම විරෝධතාවලදී පෙරමුණ ගෙන තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

නෝර්වේ පදනම් කරගත් තවත් සංවිධානයක් වන ඉරාන මානව හිමිකම් සංවිධානය පවසා තිබෙන්නේ කැරළිකරුවන් මර්දනය කිරීමේ දී ආරක්ෂක අංශ විසින් අවම වශයෙන් ළමුන් 29 ක් ඇතුළුව විරෝධතාකරුවන් 234 දෙනෙකු මරා දමා ඇති බවයි.

Mahsa Aminiගේ මරණය ඉරානයේ පුළුල් නොසන්සුන්තාවයක් ඇති කළ ආකාරය පිළිබඳව බිබිසී පුවත් සේවය වාර්තා කර ඇති අතර දර්ශන ඇතුළත් එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි

Share This