දියේ ගිලීමෙන් තරුණයෙක් මරුට – තවත් තරුණයෙක් අතුරුදන්
දික්වැල්ල – බතීගම මුහුදු තීරයේ ඊයේ (24) දිය නාමින් සිටි පිරිසක් අතරින් පුද්ගලයන් දෙදෙනෙකු රළ පහරට හසු වී ගසාගෙන ගොස් තිබෙනවා.
ඉන් එක් පුද්ගලයෙකු වෙරළට ගොඩ ගැසීමෙන් පසු ප්‍රදේශවාසින් විසින් බතීගම රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ දී මිය ගොස් ඇති අතර, අනෙක් පුද්ගලයා දියේ ගිලී අතුරුදන් වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 27ක් වන රාසකල – බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, අතුරුදන් වූ පුද්ගලයා අවුරුදු 25ක් වන ඇල්ලේපොළ – බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් තංගල්ල නාවික හමුදා නිලධාරින් හා ප්‍රදේශවාසින් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතුවල නිරත වන බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය අංශය වැඩිදුරටත් වාර්තා කරන්නේ.