දිල්ලියේ G20 සමුළුවට සම්බන්ධ ස්ථානවලින් වඳුරන් පළවා හැරීමට පියවර

දිල්ලියේ G20 සමුළුවට සම්බන්ධ ස්ථානවලින් වඳුරන් පළවා හැරීමට පියවර

ඉන්දියාවේ දිල්ලි අගනුවර පැවැත්වීමට නියමිත G20 සමුළුවට සම්බන්ධ ස්ථානවලින් වඳුරන් පළවා හැරීමට බලධාරීන් පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

වඳුරන්ගේ ජීවමාන ප්‍රමාණයේ රූප විවිධ ස්ථානවල සවි කර ඇති අතර සතුන්ගේ ශබ්දය අනුකරණය කිරීමට පුහුණු වූ පුද්ගලයින් යෙදවීමටද සැලසුම් කර තිබෙනවා

දිල්ලියේ විශාල වඳුරු ගහනයක් සිටින අතර බලධාරීන් බලාපොරොත්තු වන්නේ මෙම පියවර මගින් මොවුන් සමුලුවට බාධා කිරීමෙන් වළක්වනු ඇති බවයි.

සැප්තැම්බර් 9 සහ 10 යන දිනවල G20 සමුළුව ඉන්දියාවේදී පැවැත්වෙනවා

වඳුරන් දැඩි ලෙස ගැවසෙන ප්‍රදේශවල ජීවමාන ප්‍රමාණයේ රූප දමා ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබෙනවා

නියෝජිතයින් නවාතැන් ගැනීමට සූදානම් කර ඇති හෝටල්වල මෙන්ම වඳුරන් සිටින ස්ථානවලට ශබ්ද අනුකරණය කළ හැකි පුහුණු පුද්ගලයින් 30-40 දෙනෙකු යොදවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා

Share This