දිල්ලියේ ජල මට්ටම ඉහළට – හිමාචල් ප්‍රදේශයේ 88ක් මරුට

දිල්ලියේ ජල මට්ටම ඉහළට – හිමාචල් ප්‍රදේශයේ 88ක් මරුට

ඉන්දියාවේ දිල්ලි අගනුවර යමුනා ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බැවින් එහි පදිංචිකරුවන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

දිල්ලියේ මහ ඇමති Arvind Kejriwal පවසා තිබෙන්නේ එය වසර 45කට පසු වාර්තාවූ ඉහළම ජල මට්ටමට ළඟා වී ඇති බවයි

පසුගිය ජූනි මාසයේ ආරම්භ වූ මෙම මෝසම් වැසි කාලයේදී දිල්ලියේ වාර්තාගත වර්ෂාපතනයක් ලැබී ඇති බවයි බලධාරීහු පවසා තිබෙන්නේ

ජූනි මාසයේ අගභාගයේ දී වර්ෂාව ආරම්භ වූ දා සිට හිමාචල් ප්‍රදේශයේ අවම වශයෙන් පුද්ගලයින් 88 දෙනෙකු මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

Share This