
දිවයින පුරා රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ 300 කට අධික සංඛ්‍යාවක් නෑ කියා විපක්ෂය පාර්ලිමේන්තුවේ දී කියයි
කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ 300 කට අධික සංඛ්‍යාවක් සහ වෛද්‍ය උපකරණවල හිඟයක් ඇති බව විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අය වැය කාරක සභා විවාදයට එක්වෙමින් විපක්ෂය පෙන්වා දුන්නේ වෛද්‍ය පරීක්ෂණ ගණනාවක් ද රෝහල්වල ඇණහිට ඇති බවයි.
