දිවි ඇතිතෙක් හිරේ සිටි 53ක් ඇතුළුව රැඳවියන් 260ක් නිදහස්
ජාතික වෙසක් දිනය නිමිත්තෙන් ජනපති සමාව යටතේ මෙවර සිරකරුවන් 260 දෙනකුට නිදහස ලබා දී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා.
මේ පිළිබඳ අද (27) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අනාවරණය කෙරුණා.
මෙලෙස සමාව හිමිවී ඇති සිරකරුවන් අතර ජීවිතාන්තය දක්වා වූ සිරදඩුවම් ලැබූ රැදවියන් 53 දෙනකු සිටින බව ද ඔවුන් වසර 19කට පසු ජනපති සමාව ලැබූ පළමු අවස්ථාව මෙය බව ද ඒ මහතා සඳහන් කර තිබෙනවා.
වර්ෂ 2002න් පසු ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබූ රැඳවියෝ 257දෙනෙක් එම දඩුවම් අහෝසි වී සාමාන්‍ය සිරකරුවන් බවට පත්ව සිටින බවත් ඉන් 53දෙනකු වෙසක් දිනය නිමිත්තෙන් එසේ නිදහස් කළ බවත් එහි සඳහන්.
ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමව සිරදඩුවම් ලිහිල් වූ 247 දෙනා වසර 20කට වැඩි සිරදඩුවම් විඳි අයයි.