
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් මැතිවරණ කොමිසමට
ජනාධිපතිවරණයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ලබන සතියේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
එම හමුවෙන් අනතුරුව සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් කැඳවීමටයි මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ.
ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රාජ්‍ය නිලධාරීන් සහ පක්ෂ ලේකම්වරුන් හමුවන පළමු අවස්ථාව මෙය වනවා.