දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන

දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන

දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (09) පස්වරු 4.00 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24ක කාලයක් සඳහා එම අනතුරු ඇඟවීම් නිවේදන ක්‍රියාත්මක කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ
කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ, හොරණ, මතුගම, බුලත්සිංහල සහ වලල්ලාවිට
මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස

යන ප්‍රදේශ සඳහා අදාළ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

Share This