දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක දෙකකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා

නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ හෙට (04) මධ්‍යහන 12.30 දක්වා මෙම අනතුරු ඇඟවීම බලාත්මක බවයි

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, හාලිඇල, බදුල්ල, කන්ඳකැටිය, ඌව පරණගම, මීගහකිවුල සහ සොරණාතොට යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවලට අදාළව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව සඳහන්.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යලය බල ප්‍රදේශයට ද නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා

Share This