
දිළිඳුකම පිටුදකින්න එන ප්‍රජා ශක්ති
මෙරට දිළිඳුකම පිටුදැකීම සඳහා ප්‍රජා ශක්ති නම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මේ වන විට වර්තමානයේ මෙරට මුළු ජනගහනයෙන් සෑම පුද්ගලයින් 6 දෙනෙකුගෙන් එක් අයෙකු බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන අතර එම ජනගහනයෙන් 95.3%ක් ග්‍රාමීය හා වතු ආශ්රිත ප්‍රදේශවල ජීවත් වන බව සඳහන්.
පසුගිය දශක කිහිපය තුළ දිළිඳුකම පිටු දැකීමේ සුබසාධන වැඩටහන මගින් සහන සලසන ප්‍රතිලාභීන් සංඛ්‍යාව සහ ඒ සඳහා වැය කර ඇති මුදල් ප්‍රමාණයද ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය 2000 වසරේදී ප්‍රතිලාභී සංඛ්‍යාව මිලියන 1.10ක් වී ඇති අතර එය 2010 වසරේදී මිලියන 1.57ක් දක්වා වැඩි වී ඇති බව සඳහන්.
එමෙන්ම 2024 වසරේදී එම අගය මිලියන 1.79ක් දක්වා තවදුරටත් වර්ධනය වී තිබෙනවා.
මෙම තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යාම රටේ ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියට අහිතර කරලෙස බලපාන බැවින් අවදානම් කණ්ඩායම් පමණක් විධිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළකට යොමු කර අනෙක් පිරිස ආර්ථික ක්‍රියාවලියේ සක්‍රීය කොටස්කරුවන් ලෙස දායක කර ගනිමින් ක්‍රමවත්ව සැලසුම් කරන ලද වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව තිබුණා.
ඒ අනුව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බහුවිධ ප්‍රවේශයක් සහිත ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් “ප්‍රජා ශක්ති” වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.