
දීපවාලී දිනයට ජනපති සුබ පතයි
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපවාලී උත්සවය අදට යෙදී තිබෙනවා.
ඒ සම්භන්ධයෙන් සුබපැතුම් පනිවිඩයක් නිකුත් කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් අධර්මය පරදා ධර්මය ජයගත් අයුරින් සියල්ලන් ගේ සිත් සතන් හි අඳුර දුරලා ආලෝකය පැතිරේවා යන ප්‍රාර්ථනය පෙර දැරිව ආගමික වතාවත් වල නිරත වන බව පෙන්වා දෙනවා.
මෙම සැමරුමෙන් අයහපතට එරෙහිව යහපතෙහි ජය ගැන්ම සංකේතවත් කරන බවත් , මේ වනවිට අප අබිමුවෙහි දැවැන්ත අභියෝගයක් මෙන්ම මෙරට ඉදිරිගමනට අකුල් හෙළන විසල් බාධකයක්ව පවතින මත් උවදුර සහ යටිබිම්ගත අපරාධ මැඩීමට රජය මහත් වෑයමක නිරතව සිටින බව ද ජනාධිපතිවරයා සිය සුබපැතුම් පනිවිඩයේ දක්වා තිබෙනවා.
එහි තවදුරටත් දැක් වෙන්නේ සියලු දෙනාගේ ජීවවීමේ අයිතිය තහවුරු කරමින් එය යහපත් සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඇති අයිතිය ලෙසින් ප්‍රවර්ධනය කිරීම රජයේ මුඛ්‍ය අරමුණ බවයි.
එසේම, අප පුරවැසියන්ගේ පමණක් නොව මෙරට වෙසෙන, මෙහි පැමිණෙන සියලු ජනයාගේ ශාරීරික, මානසික, භෞතික සහ චිත්තවේගීය සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වන වගකීම වෙනුවෙන් රජයක් ලෙස උර දී සිටින බව ද ජනාධිපතිවරයා නිකුත් කල සුබපැතුම් පනිවිඩයේ සඳහන්.
සියලු ආගම්වාදී, ජාතිවාදී බලවේග පරාජය කරමින් සමාජ සාධාරණත්වය ස්ථාපිත කිරීමටත්, සෑම කෙනෙකුටම සිය සිවිල්, දේශපාලනික සහ සංස්කෘතික අයිතීන් ඇතුළු සියලු අයිතිවාසිකම් බාධාවකින් තොරව භුක්ති විඳිය හැකි, සියලු දෙනාගේ නිදහස සහ ගෞරවය සුරකින සුරක්ෂිත රටක් ගොඩනැගීමටත් තමා ඇතුලු රජය කැප වී ක්‍රියා කරන බවත් අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා.