
දීපිකා පදුකෝන්ට ආදරෙන් කතා කරන්න රටවල් 6 කට චාන්ස් එකක්
බොලිවුඩ් සුපිරි තරුවක් වන දීපිකා පදුකෝන්, මෙටා AI හි නව ඉංග්‍රීසි හඬ ලෙස ඇයගේ කටහඩ ලබා දීමට අත්වැල් බැඳගෙන තිබෙනවා.
සිනමාවෙන් ඔබ්බට ඇගේ ගෝලිය පියසටහන තැබු දීපිකා මේ පුවත පිළිබද ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහන් කර තිබුනේ මේ අයුරින්.
“හරි, මේක හරිම අපූරුයි කියලා මම හිතන්නේ. මම දැන් Meta AI හි කොටසක් වන අතර ඔබට ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පුරා ඉංග්‍රීසි භාෂාවෙන් මගේ හඬ සමඟ කතාබහ කරන්න පුළුවන්. එය උත්සාහ කර ඔබ සිතන්නේ කුමක්දැයි මට දන්වන්න”
ඒ අනුව ඉංග්‍රීසි කතා කරන රටවල් 6ක දීපිකාගේ Meta AI හඩ ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව මෙටා සංවාදශීලී AI වේදිකාවට හඩ ඒකාබද්ධ කළ පළමු ඉන්දියානු පුද්ගලයා සහ බොලිවුඩයේ තරුවක් වීමට දීපිකාට හැකියාව ලැබෙනවා.