
දුනිත් වෙල්ලාල වැනි දරුවෙකු නිර්මාණය කල එම දෙමාපියන් ට ගොඩාක් පිං… මොරටුව හදිසි මරණ පරික්ශක කවිදු පීරිස් ඉතා සංවේදීව මුහුණු පොතේ සටහනක් තබයි
තම පියාගේ හදිසි අභාවය හේතුවෙන් දුනිත් වෙල්ලාලගේ හා ශෝකයට පත් බොහෝ පිරිසක් ශෝකය බෙදාගනිමින් සිටිනවා.
ඒ අතර දුනිත්ගේ පියාගේ හදිසි මරණ පරික්ශනය පැවැත්වූ මොරටුව හදිසි මරණ පරික්ශක කවිදු පීරිස් ඉතා සංවේදී සටහනක් මුහුණු පොතේ තබා තිබෙනවා.
“මොරටු හදිසි මරණ පරික්ශක වන මා හට අද උදෑසන පැමිණි දුරකථන ඇමතුම ලබා දුන්නේ මොරටුව පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් විජේසිංහ මහතා විසින්.
එම පණිවිඩය වූයේ ක්‍රිකට් ක්‍රීඩක දුනිත්ගේ පියා මිය ගොස් ඇති අතර එම මෘත දේහය පානදුර රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති බැවයි.
එම ස්ථානයට පොලිස් මහතා ගොස් තිබු අතර මම එම ස්ථානයට යන විට දුනිත් වෙල්ලාලගේ පැමිණ සිටියා. ඊයේ රාත්‍රියේ මැච් එක අවසන් වූ පසු තාත්තා මිය ගිය බව ඔහුට කියු පසු ඔහුගේ මුලු ලෝකෙම සහ ඔහුගේ ශක්තිය නැතිවි ගියාසේ ඔහුට හැඟිණු බව ඔහු මා සමග කියා සිටියා.
දුනිත් වෙල්ලාලගෙන් සහ මවගෙන් මෙන්ම බාල සොහොයුරාගෙන් මියගිය ඔවුන්ගේ පියාගෙ අක්කාගෙන් ලබාගත් සාක්ෂි අනුව ඊයේ රාත්‍රියේ 9.45 ට පමණ දුනිත්ගේ පියා ක්‍රිකට් තරගය නරඹන අතරතුර (ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම පන්දුවට පහර දෙන අවස්ථාවේ) ඔහු විසින් වතුර බීමට යන අතර එක වරම වැටෙනවා වගේ දැනුන නිසා ඔහුගේ බාල පුතා සහා බිරිඳ විසින් අල්ලාගෙන තිබෙනවා. අවට අසල් වැසියන්ගේ උදව් ඇතිව පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළත් , එහි සිටි වෛද්‍යවරු කියා සිටියේ ඔහු රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටි බවයි.
පියා කල කැපකිරීම පවසන මොහොතේදි දුනිත් වෙල්ලාලගේ ඇස් වල කඳුළු පිරි තිබීම මෙහි සංවේදීම අවස්ථාවයි.
දුනිත්ගේ මව පැවසූදේ,
“මොරටුව ජුබිලිය පහල ෆාම් ශොප් එක කරන්නේ මගේ මහත්තයා. අපට තව ව්‍යාපාර කිහිපයක් තිබුණා. ඒවා කිහිපයම නැති උනේ දුනිත්ට ඉගැන්වීමටයි. පාන්දර 5.00 ට නැගිට පුතාව ප්‍රැක්ටිස් කරන්න ගිහිල්ලා දාලා නැවත සවස 2 ට ප්‍රැක්ටිස් වලට ගිහිල්ලා දාලා පුතා එනකන් එයා බලාගෙන ඉන්නවා පිට්ටනියට වෙලා… එයාට ඒ නිසා ව්‍යාපර කරන්න වෙලාවක් තිබුණේ නෑ. නමුත් අද මගේ පුතා, එයාගේ තාත්තාගේ හීනේ හැබෑකරලා තියෙනවා. එයා ඒ ගැන හරි ආඩම්බරෙන් සිටියේ…”
එය පවසන මොහොතේ දුනිත්ගේ සහා බාල සොයුරාගෙ ඇස්වල කඳුළු පිරී තිබුනි .
දුනිත් වෙල්ලාලනම් චරිතය ඔහුගේ පියා වන සුරංග නිරෝශන් වෙල්ලාලගේ කැප කිරීම නොමැතිනම් බිහි නොවන බව මට වැටහේ. දුනිත් මාත් සමග කතා කල අතර ඔහුගේ පියාගේ දේහය බැලීමට (පශ්චාත් මරණ පරීක්ශනයෙන් පසුව) පුලුවන්ද කියා විමසා සිටියා. අම්මා පැවසූවේ හිත ශක්තිමත් කර ගෙන ගිහින් බලලා එන්න. එහිදි අධිකරණ වෛද්‍ය නිලධාරි කුඩාගම සර්, දිගුකාලීනව පැවති හෘද රෝග තත්වය මත ඇති වූ හෘදයාබාධය හා අධික රුධිර පීඩනය හේතුව නිසාවෙන් සිදු වූ මරණයක් බව අවබෝධ කරදුන්නා.
දුනිත් වෙල්ලාලගේ තම පියාගේ සිහින සැබෑ කර ඇති අතර, තවත් සිහින ඇති බව ඔහු සමග කතා කිරිමෙන් මට වැටහුණි. අවුරුදු විසි දෙකක පොඩි කොල්ලෙක් ලෙස මෙය දරාගැනීමට ඔහුට තිබූ ශක්තිය මට වැටහුණා.
දුනිත් වෙල්ලාල සමග ගත කල පැය කිහිපයේ ඔහුගේ නිහතමානිත්වය, අවංකබව, ගුණ ගරුක බව එතන සිටි අප සියලුම දෙනාට හොදින් වැටහුණා. මෙවැනි දරුවෙකු නිර්මාණය කල එම දෙමාපියන් ට ගොඩාක් පිං!
ඔහු අනිවාර්යයෙන්ම මුලු ලෝකයම ජය ගන්නා බව මට විශ්වාසයි..
– මේ සටහන දුනිත්ගේ, ඔහුගේ මවගේ සහ බාල සොයුරාගේ අවසරයද ඇතිව සටහන් කළ බව මොරටුව හදිසි මරණ පරික්ශක කවිදු පීරිස් ඉතා සංවේදීව මුහුණු පොතේ මේ සටහන තබමින් පවසා තිබෙනවා.