දුප්පතුන්ගේ ආධාර වංචාවක් ගැන පාකිස්ථානයෙන් ඇසෙන කතාව

දුප්පතුන්ගේ ආධාර වංචාවක් ගැන පාකිස්ථානයෙන් ඇසෙන කතාව

පාකිස්ථාන අගමැති  ෂෙබාස් ශරීෆ්ගේ උපදෙස් අනුව ක්‍රියාත්මක නොමිලේ තිරිගු පිටි බෙදා හැරීමේ යෝජනා ක්‍රමයෙන් රුපියල් බිලියන 20 ක වංචාවක් සිදුව ඇති බව   ජ්‍යෙෂ්ඨ නායක ෂාහිඩ් ඛාන් අබ්බාසි ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ලාහෝර් හි පැවති උත්සවයක් අමතමින් අබ්බාසි කියා සිටියේ රජයේ නොමිලේ පිටි බෙදාහැරීමේ යෝජනා ක්‍රමයේදී රුපියල් බිලියන 20 කට වැඩි මුදලක් සොරකම් කර ඇති බවයි.

එරට  ක්‍රමවේදයන් දූෂිත හා යල්පැන ගිය එකක් බවට පත් වී ඇති බවත්  ඔහු ප්‍රකාශ කර  ඇති බව සඳහන්.

උත්සවයේදී අබ්බාසි විමසා සිටියේ රාමසාන් මාසය තුළ දුප්පතුන්ට නොමිලේ තිරිඟු පිටි ලබා දීම සඳහා රජය වෙන් කර ඇති රුපියල් බිලියන 84 ක සහනාධාරයෙන් දුප්පතුන්ට ලැබෙන්නේ කුමක්ද යන්නයි.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන  ෆෙඩරල් තොරතුරු අමාත්‍ය Marriyum Aurangzeb පැවසුවේ, පන්ජාබ්, Khyber-Pakhtunkhwa, Sindh සහ Islamabad හි මිලියන සංඛ්‍යාත දුප්පත් ජනතාවට “පූර්ණ විනිවිදභාවයෙන් සහ අවංකභාවයෙන්” උපවාස මාසය තුළ දී නොමිලේ පිටි ලබා දුන් බවයි.

Share This